ඊ-බේ අන්තර්ජාල වෙළඳ සේවාව රුසියාවේ මෙහෙයුම් නවතා දමයි

ඊ-බේ අන්තර්ජාල වෙළඳ සේවාව රුසියාවේ මෙහෙයුම් නවතා දමයි

ජාත්‍යන්තර ඊ-බේ අන්තර්ජාල වෙළඳ සේවාව විසින් තම වෙබ් අඩවිය ඔස්සේ යොමු කෙරෙන රුසියානු ලිපිනයන්ට සම්බන්ධ සියලු ගනුදෙනු අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, රුසියාවට එරෙහි ජාත්‍යන්තර සම්බාධක තවදුරටත් ක්‍රියාත්මක වන පසුබිමක් තුළයි.

ඊ-බේ අන්තර්ජාල වෙළඳ සේවාවේ මෙම තීරණය ක්‍රියාත්මක කරමින් පවසා ඇත්තේ “අපි යුක්‍රේනය සමඟ සිට සිටින අතර යුක්‍රේන ජනතාවට සහ කලාපයේ අපගේ විකුණුම්කරුවන්ට සහාය වීමට පියවර ගණනාවක් ගනිමින් සිටිමු” යනුවෙන්.

මේ අතර රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට විරෝධය පළ කරන රුසියානුවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මේ වනවිටත් රට හැර ගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස රුසියාව හැර යන 30,000කට අධික පිරිසක් ජෝර්ජියාවට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.

Share This