ඊයේ ක්‍රිකට් තරගයට වඩා ගැටුම් ඇති වූ තැන (PHOTOS)
ඊයේ (24) පැවති ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ක්‍රිකට් තරගයේ දී මිනිස්ටර්ස් බොක්ස් වෙත පැමිණීම සඳහා ඇමතිවරු රැසක් ඉල්ලීම් කර තිබූ බව වාර්තා වනවා.
එහෙත් ඇතැම් දේශපාලන නායකයන් ලබා ගත් ටිකට් ප්‍රමාණයට වඩා පිරිසක් රැගෙන පැමිණ සිටි බවයි වාර්තා වුණේ.
කැලණියේ හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් ද ටිකට් හයක් ලබා ගනිමින් දස දෙනෙකු රැගෙන පැමිණ දොරටුව අසල ගැටුමක් ඇති කරගෙන තිබුණා.
මේ අතර දහම් සිරිසේන මහතා ද මිනිස්ටර්ස් බොක්ස් වෙත පැමිණ සිටි අතර ඔහුට ඇමතිවරයා ටිකට් ලබා දී නොතිබුණ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ක්‍රීඩා ඇමතිවරයා පැමිණෙන විට ඔහුට මිනිස්ටර්ස් බොක්ස් වෙත ඇතුළු වීමේ ඉඩ අහිමිව තිබුණා.