ඊශ්‍රායල අගමැතිගේ තීන්දුවට එරෙහිව දහස් ගණනක් ජනතාව විරෝධතාවක (VIDEO )

ඊශ්‍රායල අගමැතිගේ තීන්දුවට එරෙහිව දහස් ගණනක් ජනතාව විරෝධතාවක (VIDEO )

අගමැති බෙන්ජමින් නෙතනියාහු සිය ආරක්ෂක ඇමතිවරයා නෙරපා හැරීමෙන් පසු දස දහස් ගණනක් ජනතාව ඊශ්‍රායලය පුරා වීදි බැස තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ මතභේදාත්මක සැලසුම්වලට එරෙහිව ආරක්ෂක අමාත්‍ය Yoav Gallant අදහස් දක්වා තිබීම එයට හේතුව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ආරක්ෂක ඇමතිවරයා නෙරපා හැරීමට එරෙහිව අගමැති බෙන්ජමින් නෙතනියාහුගේ නිවස අසල රැඳී සිටි විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය සහ සොල්දාදුවන් විසින් ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා

මේ අතර ඊශ්‍රායල ජනාධිපතිවරයා ප්‍රතිසංස්කරණ නතර කරන ලෙස එරට රජයට දැනුම් දී තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This