
ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 17 දෙනෙකු මරුට
ගාසා නගරයේ Zawayda වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීනුවන් 17 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
එම ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ ඝාතනයට ලක්වූ පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක් එකම පවුලේ අය වන බවයි
මිය ගිය පිරිස අතර ළමුන් අට දෙනෙකු සහ කාන්තාවන් සිව් දෙනෙකු සිටින බව සඳහන්
මාස 10ක් පුරා පවතින ඊශ්‍රායල ප්‍රහාරය හේතුවෙන් ගාසා තීරයේ මිලියන 2.3ක ජනගහනයෙන් වැඩි කොටසක් අවතැන් වී තිබෙනවා