ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් 17 දෙනෙකු මරුට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් 17 දෙනෙකු මරුට

ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීන ජාතිකයන් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා

ප්‍රහාරයෙන් ගාසා නගරයේ අවතැන් වූ පවුල්වලට නවාතැන් සපයන මුසා බින් නුසෙයාර් පාසලේදී ළමුන් ඇතුළු අට දෙනෙකු මිය ගිය බවයි පලස්තීන වෛද්‍යවරු පැවසුවේ

ඊශ්‍රායල හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රහාරය පාසල තුළ ඇති අණදෙන මධ්‍යස්ථානයකින් ක්‍රියාත්මක වන හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගත් බවත් හමාස් සටන්කාමීන් ඊශ්‍රායල හමුදාවන්ට එරෙහිව ප්‍රහාර සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට එම ස්ථානය භාවිතා කළ බවයි.

Share This