ඊශ්‍රායල හමුදා පලස්තීනයෙන් ඉවත්වීමෙන් පසු පලා ගිය පවුල් රැසක් යළිත් එරටට

ඊශ්‍රායල හමුදා පලස්තීනයෙන් ඉවත්වීමෙන් පසු පලා ගිය පවුල් රැසක් යළිත් එරටට

පලස්තීනයේ බටහිර ඉවුරේ පිහිටි ජෙනින් සරණාගත කඳවුරෙන් පලා ගිය පවුල් සුන්බුන්ව පවතින එම කඳවුර වෙත නැවත පැමිණෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

දින දෙකක් පුරා ඊශ්‍රායල හමුදා විසින් කළ මෙහෙයුමේදී ජීවිත බේරා ගැනීම සඳහා මෙම පවුල් ජෙනින් සරණාගත කඳවුරෙන් පලා ගිය බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

ඊශ්‍රායල හමුදා මෙම ප්‍රදේශයේ සටන්කාමී කණ්ඩායම්වලට අයත් ආයුධ ගබඩා සහ නිෂ්පාදන පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙහෙයුමක් දියත් කළ අතර එහිදී පලස්තීනුවන් 12 දෙනෙකු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

පලස්තීනයේ බටහිර ඉවුරේ පිහිටි ජෙනින් සරණාගත කඳවුරෙන් ඊශ්‍රායල හමුදා ඉවත්වීමට පටන් ගෙන ඇති බව එරට ආරක්ෂක ආරංචි මාර්ග මීට පෙර සඳහන් කරනු ලැබුවා

පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ එම දින දෙක තුළ ළමයින් හතර දෙනෙකු ඇතුළුව තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මේ අතර ඊශ්‍රායල හමුදාව එක් සොල්දාදුවෙකු මිය ගිය බවට තහවුරු කර තිබෙනවා

මියගිය අයගේ අවමංගල්‍ය කටයුතු සඳහා ප්‍රදේශවාසීන් දහස් ගණනක් වීදි බසිමින් එක් රැස්වී සිටි බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This