ඊශ්‍රායලය උතුරු ගාසා නගරයේ සති තුනක් පැවති ප්‍රහාරය අවසන් කරයි

ඊශ්‍රායලය උතුරු ගාසා නගරයේ සති තුනක් පැවති ප්‍රහාරය අවසන් කරයි

උතුරු ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයේ සති තුනක් පුරා සිදුකළ ප්‍රහාරයකින් පසු ඊශ්‍රායල හමුදා අද(31) එම ප්‍රදේශයෙන් ඉවත් වී තිබෙනවා.

ප්‍රහාර දියත් කළ අතරවාරයේ සිවිල් වැසියන් දස දහස් ගණනක් එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වසරේ ඉතිරි කාලයේදීත් සඳහා යුද්ධය පැවතිය හැකි බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධාන සහායකයෙක් පවසා තිබෙනවා.

මේ අතර, ආක්‍රමණශීලීත්වය, ඝාතනය, වටලෑම, කුසගින්න සහ ජනතාව සමූලඝාතනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා නොකරන බව හමාස් සංවිධානය ප්‍රකාශ කිරීමෙන් පසු නැවත වරක් සටන් විරාම සාකච්ඡා පැවැත්වීමේ අපේක්ෂාව බිඳවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This