ඊශ්‍රායලය ගාසා තීරයේ මධ්‍යම සරණාගත කඳවුරුවලට ගොඩබිම් ප්‍රහාරයක් දියත් කරයි

ඊශ්‍රායලය ගාසා තීරයේ මධ්‍යම සරණාගත කඳවුරුවලට ගොඩබිම් ප්‍රහාරයක් දියත් කරයි

හමාස් සමග යුද්ධය මාස ගණනාවක් පවතිනු ඇති බවට අනතුරු අඟවමින් ඊශ්‍රායලය මධ්‍යම ගාසා තීරයේ පලස්තීන සරණාගත කඳවුරු වෙත සිය ගොඩබිම් ප්‍රහාරය පුලුල් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර මෑත දිනවල ඊශ්‍රායල ප්‍රහාරවලින් Bureij, Nuseirat සහ Maghazi කඳවුරුවල සිටි බොහෝ පිරිසක් මිය ගිය බව වාර්තා වීමෙන් පසු එක්සත් ජාතීන් දැඩි කණස්සල්ල පළ කර තිබෙනවා

ඛාන් යුනිස් නගරයේ දකුණේ ද දරුණු සටන් දිගටම පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මේ අතර, පලස්තීන ජනාධිපතිවරයා ගාසා තීරයේ සිදුවෙමින් පවතින තත්ත්වය පිළිබඳව විස්තර කර ඇත්තේ විනාශ කිරීමේ යුද්ධයකින් ඔබ්බටයන බවයි.

පසුගිය පැය 24 තුළ අවම වශයෙන් පුද්ගලයන් 195 දෙනෙකු මිය ගොස් ඇති බව හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

අමාත්‍යාංශයට අනුව සති 11ක සටන් තුළ 21,100කට වැඩි පිරිසක් මරා දමා ඇති අතර ඉන් වැඩි වශයෙන් ළමුන් සහ කාන්තාවන් සිටින බවයි සඳහන් වන්නේ

Share This