ඊශ්‍රායලය යළිත් ලෙබනනය සහ ගාසා තීරයට පහර දෙයි

ඊශ්‍රායලය යළිත් ලෙබනනය සහ ගාසා තීරයට පහර දෙයි

දකුණු ලෙබනනයේ සහ ගාසා තීරයේ සිටින හමාස් සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රාලය තවදුරටත් ප්‍රහාර එල්ල කර තිබෙනවා

පසුගිය බ්‍රහස්පතින්දා ලෙබනනයේ සිට උත-ුරු ඊශ්‍රායලයට රොකට් 34ක් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාර හමාස් සංවිධානයට එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

එමෙන්ම ප්‍රහාර ආරම්භ වීමෙන් පසු ගාසා තීරයේ සටන්කාමීන් ද තවත් රොකට් ප්‍රහාර එල්ල කර තිබුණා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ප්‍රහාරක ගුවන් යානා ලෙබනනයේ, හමාස් සංවිධානයට අයත් ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට, පහර දුන් බවයි.

Share This