ඊශ්‍රායලය සමග ගිවිසුමක් පිළිබඳව හමාස් නායකයාගෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සමග ගිවිසුමක් පිළිබඳව හමාස් නායකයාගෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සමග ගනුදෙනුවකට ආසන්න බව හමාස් නායකයා පවසා තිබෙනවා

හමාස් නිලධාරීන් ඊශ්‍රායලය සමග ගිවිසුමකට එළැඹෙන බවට පසුගිය පැය කිහිපය තුළද මාධ්‍ය වාර්තා පළව තිබුණා

දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර කටාර් රාජ්‍යය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

හමාස් නායකයා පවසා ඇත්තේ තම කණ්ඩායම “කටාර්හිදී සිය ප්‍රතිචාරය ලබා දී ඇති අතර, අපි සටන් විරාම ගිවිසුමකට එළඹීමට ආසන්නව සිටිමු” යනුවෙනුයි

ඊශ්‍රායලයෙන් මේ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවද සඳහන්

 

Share This