ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් නේපාල සිසුන් 10 දෙනෙකු මරුට

ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් නේපාල සිසුන් 10 දෙනෙකු මරුට

ඊශ්‍රායලයට හමාස් ත්‍රස්තවාදී කණ්ඩායම විසින් සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාරයෙන් නේපාල සිසුන් 10 දෙනෙකු පමණ මියගොස් ඇති බව නේපාල තානාපති කාර්යාලය පවසනවා.

ඊශ්‍රායලයේ නේපාල තානාපති කාර්යාලයේ ලේකම් අර්ජුන් ගිමියර් පැවසුවේ නේපාල ජාතිකයන් 10 දෙනෙකුගේ මළ සිරුරු තහවුරු කර ඇති බවයි.

තවත් පිරිසක් රෝහල්ගත කර ඇති බව ද සඳහන්.

ඊශ්‍රායල රජය විසින් අනුග්‍රහය දක්වන එරට ඉගෙනුම් කටයුතුවල නිරත නේපාල සිසුන් 265ක් පමණ සිටින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

හමාස් කණ්ඩායම විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කළ ගාසා ප්‍රදේශයට ආසන්නයේ ඉගෙනුම ලබන නේපාල සිසුන් 17 දෙනාගෙන් දෙදෙනෙකු නිරුපද්‍රිතව සිටින බවත් 4 දෙනෙකු තුවාල ලබා මේ වනවිට ප්‍රාදේශීය රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් නේපාල තානාපති කාර්යාලය සඳහන් කළා.

කෙසේ වෙතත් ඉතිරි සිසුන් 11 දෙනා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැති බවයි තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ

Share This