ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාරවලට ලෝක නායකයන් ප්‍රතිචාර දක්වා ඇති අයුරු

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාරවලට ලෝක නායකයන් ප්‍රතිචාර දක්වා ඇති අයුරු

එක්සත් ජනපදය සිය ගුවන් යානා සහිත නෞකාව ඊශ්‍රායලයට සමීපයෙන් ඇති බවත් තවත් ආයුධ එවන බවත් ප්‍රකාශ කර තිබෙනවා

ඉදිරි පැය 48 තුළ ඊශ්‍රායලය ගාසා තීරයට ගොඩබිම් ආක්‍රමණයක් දියත් කරනු ඇතැයි එක්සත් ජනපද නිලධාරීන් අපේක්ෂා කරනවා

මේ අතර අද (09) දිනයේ එරට තෙල් මිලද ඉහළ ගොස් තිබෙනවා

හමාස් සංවිධානයේ ප්‍රහාරයට සහ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාරවලට ලෝක නායකයන් විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වා ඇති අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ ඊශ්‍රායලයට තම රට දක්වන සහයෝගය නොසැලෙන බවයි

එක්සත් ජනපදය එම කලාපයට නැව් සහ ගුවන් යානා යොදවා ඇති අතර ඊශ්‍රායලයට අමතර යුද උපකරණ එවන බවද ඔහු ප්‍රකාශ කරනවා

එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ස්ථිරවම සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබෙනවා

එමෙන්ම “අපි අපට හැකි සෑම උදව්වක්ම කරනවා. ත්‍රස්තවාදය ජයගන්නේ නැහැ”,යනුවෙන්ද එක්සත් රාජධානියේ අගමැතිවරයා වැඩිදුරටත් පවසනවා

ඉරාන ජනාධිපති Ebrahim Raisi කියා සිටියේ ඉරානය පලස්තීනුවන්ගේ ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතියට සහාය දක්වන බවයි

වසර ගණනාවක් පුරා කලාපය අනතුරේ හෙළීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය වගකිව යුතු බවට අනතුරු ඇඟවූ බවත් හමාස් සංවිධානයට ඉරානයේ සහාය ලැබෙනු ඇති බවත් සඳහන් කරනවා

චීනය වහාම වෙඩි තැබීම නතර කරන ලෙස දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා තිබෙනවා .

රුසියාවේ විදේශ අමාත්‍යාංශය ක්ෂණික සටන් විරාමයක් සහ පුළුල්, කල්පවත්නා සහ දිගුකාලීන අපේක්ෂිත සාමයක් සඳහා සාකච්ඡා සඳහා කැඳවීම් කර ඇති බවයි පැවසෙන්නේ

මේ අතර තායිලන්ත විදේශ අමාත්‍යාංශය පවසන්නේ සෙනසුරාදා උදෑසන හමාස් ප්‍රහාර දියත් කිරීමෙන් පසු තායි ජාතිකයන් 12 දෙනෙකු මියගොස් ඇති බවයි.

තවත් 11 දෙනෙකු පැහැරගෙන ගිය අතර අට දෙනෙකු තුවාල ලබා ඇති බවද පවසනවා

ඊශ්‍රායලයේ තායි ජාතිකයන් 30,000ක් පමණ සිටින අතර ගාසා තීරයේ 5000ක් පමණ සිටිනවා

Share This