ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන් තොටුපළෙන් පිටවීම අත්හිටුවයි

ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන් තොටුපළෙන් පිටවීම අත්හිටුවයි

ඊශ්‍රායල රජයේ අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව වෘත්තීය සමිති විරෝධය පළ කිරීමත් සමග Tel Aviv හි Ben Gurion ගුවන් තොටුපළෙන් පිටවීම් අත්හිටුවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතනියාහු එරට අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට බලාපොරොත්තු වූවත් එය ප්‍රමාද කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර ධවල මන්දිරය ඊශ්‍රායලයේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව කණගාටුව පළ කරමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර “හැකි ඉක්මනින් මෙයට විසඳුමක් සොයා ගන්නා ලෙස” ඊශ්‍රායල නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

Share This