ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිසට විශේෂ ගුවන් පහසුකම්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිසට විශේෂ ගුවන් පහසුකම්

දැනට ඊශ්‍රායලයේ පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට අපේක්ෂිත පිරිස වෙනුවෙන් ඉන්දියන් ගුවන් සමගම මගින් ක්‍රියාත්මක කරන ජෝර්දානයේ අම්මාන් සිට ඉන්දියාවේ නවදිල්ලිය දක්වා ගුවන් යානාවල ආසන කීපයක් ලබාදීමට ඉන්දියානු රජය එකඟ වි ඇතැයි ඊශ්‍රායල යේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ මෙම ගුවන් යානාවල ගමන් කිරීමට අපේක්ෂා කරන පිරිස තානාපති කාර්යාලයට පැමිණ ලියාපදිංචි වන ලෙසයි.

ටෙල්-අවිව් සිට ජෝර්දානයේ අම්මාන් නුවර දක්වා ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබා දෙන බව තානාපති කාර්යාලය පවසනවා.

අම්මාන් සිට නවදිල්ලිය දක්වා ගුවන් ගමන් සඳහා මුදල් අය කිරීමකින් නොමැති නව ද එම නිවේදනයේ සදහන්.

නවදිල්ලිය හා කොළඹ අතර ගුවන් ගමන සඳහා මුදල්ගෙවා ටිකට්පත ලබා ගත යුතු නව ද තානාපති කා‍ර්යාලය පැවසුවා.

අදාල ගමන්වල දී එම රටවල තානාපති කාර්යාල විසින් කටයුතු සම්බන්ධීකරණය කරනු ඇති.

ඊශ්‍රායල යේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ මේ සඳහා උනන්දුවක් දක්වන පිරිස ජුනි මස 23 හා 24 වැනි දින පමණක් ලියාපදිංචි කරන බවයි.

Share This