
ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඊයේත් ගාසා හි 81 ක් මියගොස් 400 කට තුවාල
ගාසා තීරය පුරා ඊශ්‍රායල ප්‍රහාරවලින් ඊයේ දහවල් වන විට අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 81 දෙනෙකු මිය ගොස් 400 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
බී.බී.සී. ප්රවෘත්ති වෙත අල්-ෂිෆා රෝහල් කාර්ය මණ්ඩලය සහ සාක්ෂිකරුවන් පවසා තිබුණේ ගාසා නගරයේ ක්‍රීඩාංගනයක් අසල ප්‍රහාරයකින් පසු අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගිය බවයි.
කූඩාරම්වල ජීවත් වන අවතැන් වූ පුද්ගලයින් නවාතැන් ගැනීමට ක්‍රීඩාංගනය භාවිතා කරන තිබුණා.
බීබීසී සේවය පැවසුවේ ඔවුන් සතු දර්ශනවල දැක්වෙන්නේ මළ සිරුරු සොයා ගැනීම සඳහා මිනිසුන් හිස් අත් සහ උදලු යොදාගෙන වැලි හාරමින් සිටින බවයි.
ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ තමන් එවැන්නක් නොදැන සිටි බවයි.