ඊසානදිග ඉන්දියාවේ මිලියන භාගයකට ආසන්න ජනතාවකට ගංවතුරෙන් පීඩා

ඊසානදිග ඉන්දියාවේ මිලියන භාගයකට ආසන්න ජනතාවකට ගංවතුරෙන් පීඩා

ඊසානදිග ඉන්දියාවේ මිලියන භාගයකට ආසන්න ජනතාවක් දැඩි ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

අධික වර්ෂාව හේතුවෙන් කලාපය පුරා මාර්ග මෙන්ම ගම්මාන රැසක්ද ජලයෙන් යටවී ඇති බව සඳහන්

ඇසෑම් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 22ක් පුරා විසිරී සිටින පුද්ගලයින් 495,000කට අධික පිරිසක් ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව එහි ආපදා කළමනාකරණ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා

ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් 14,000ක් පමණ ජනතාව සහන කඳවුරු වෙත යවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ප්‍රාන්ත බලධාරීන්ට අනුව අවම වශයෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා .

Share This