
උක් ගොවියෝ ගිනිගත් උක් දඩු මිලට ගන්නැයි ඉල්ලති (VIDEO)
සෙවණගල උක් වගාවේ අක්කර 800ක පමණ ප්‍රමාණයක් පසුගියදා ඇති වූ ගින්නෙන් විනාශයට පත්ව තිබෙනවා.
එමෙන්ම ගින්නට හසුවූ තම උක් අස්වැන්න සෙවණගල සීනි කර්මාන්ත ශාලාව විිසින් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ බව පවසමින් උක් ගොවීන් පිරිසක් පසුගිය 30 වැනිදා එම කර්මාන්ත ශාලාව වටලමින් විරෝධතාවක ද නිරත වුණා.
පසුගිය 25 වැනිදා සෙවණගල උක් වගා භූමිය කිසියම් පාර්ශ්වයක් විසින් ගිනි තබා ඇති බවට උක් ගොවීන් චෝදනා කළා.
ඔවුන් පවසවන්නේ මෙම ගින්නෙන් අක්කර 800 ක පමණ උක් වගා භූමිය විනාශ වී ඇති බවයි.
එවන් පසුබිමක සෙවණගල උක් වගාවේ නිරත උක් ගොවීන් පිරිසක් පසුගිය 30 වැනිදා සෙවණගල සීනි කර්මාන්ත ශාලාව වටලමින් විරෝධතාවක ද නිරත වුණා.
ඒ ගින්නට හසු වූ තම උක් අස්වැන්න සෙවණගල සීනි ආයතනය විසින් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
උක් ගොවීන් සීනි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන පිවිසුම් දොරටුව අවහිර වන සේ රැඳී සිටීම හේතුවෙන් උක් ගොවීන් හා නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.
කෙසේ වෙතත් ඊයේ යලිත් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සෙවණගල උක් ගොවීන් චෝදනා කළේ මෙම ගිනි තැබීම ආණ්ඩුවේම පාර්ශ්වයක් විසින් සිදුකර ඇති බවට සැකයක් මතුවන බවටයි.