උගන්ඩාවේ ප්‍රහාරයෙන් මියගිය අය සිහි කරමින් පාප් වහන්සේ දේව මෙහෙයක් පවත්වයි

උගන්ඩාවේ ප්‍රහාරයෙන් මියගිය අය සිහි කරමින් පාප් වහන්සේ දේව මෙහෙයක් පවත්වයි

උගන්ඩාවේ පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේදී දේව මෙහෙයක් පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගිය සිකුරාදා රාත්‍රියේ(16) බටහිර නගරයක් වන Mpondwe හිදී සිසුන් 40 දෙනෙකු පමණ කපා කොටා, වෙඩි තබා පුළුස්සා මරා දමා තිබූ බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

ඔවුන් දේශසීමා හරහා කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට පැන යාමට පෙර සිසුන් හය දෙනෙකුද පැහැරගෙන ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේනි විසින් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර විපතට පත් වූ අයගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කර තිබෙනවා

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සම්බන්ධ සටන්කාමීන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් මේ පිළිබඳව හැකි ඉක්මනින් පියවර ගන්නා බවත් උගන්ඩා හමුදාව පවසනවා

Share This