උඩවල රක්ෂිතයේ සිදුකෙරූ මෙහෙයුමකින් ලක්ෂ විස්සකට අධික ගංජා වටලයි

උඩවල රක්ෂිතයේ සිදුකෙරූ මෙහෙයුමකින් ලක්ෂ විස්සකට අධික ගංජා වටලයි

උඩවලව රක්ෂිතයේ සිදුකළ පොලිස් මෙහෙයුමකදී රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුතු ගංජා තොගයක් පොලීසිය විසින් වටලා තිබෙනවා.

තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් උඩවලව රක්ෂිතයේ හම්බෙගමුව කොටසේ පොකුරු තැන්න ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම ගංජා හේන වටලා ඇති බව සඳහන්.

එම ගංජා හේනේ ඉතාමත් සරුවට වගා කර තිබූ ගස් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති අතර එම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට අධික බවයි පොලීසිය සඳහන් කරන්නේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

මෙහිදී වැටලීමට ලක්කළ සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.

Share This