
උඩුව කරව්හේන මාර්ගය ඉදිකිරීමේ දී නිසි ප්‍රමිතිය නැතැයි ප්‍රදේශවාසීන් ගෙන් කොන්ත්‍රාත්කරුට චෝදනා
හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයට අයත් උඩුව කරව්හේන මාර්ගය මේ දිනවල තාර යොදා සංවර්ධනය කිරීමට මුදල් අනුමත වී ඇති අතරේ මේ වන විට එහි වැඩ ආරම්භ කර තිබෙනවා.
ප්‍රදේශවාසීන් චෝදනා එල්ල කරමින් පවසන්නේ එහි කොන්ත්‍රාත්කරු විසින් කොන්ත්‍රාත්තුවේ අනුමත වීී ඇති ආකාරයට නිසි පරිදි අමුද්‍රව්‍ය යොදා මාර්ගය සකස් නොකරන බවටයි.
පසුව ප්‍රදේශවාසීන් විසින් එම කොන්ත්‍රාත්කරු හමු වී සාකච්ඡා කළ අතර එහිදී තත්ත්වය උණුසුම් වුණා.
වෙනත් අයෙකු ලක්ෂ තිස් දෙකට ලැබුණු කොන්ත්‍රාත්තුව මෙම කොන්ත්‍රාත්කරුට ලක්ෂ විසි අටකට ලබා දී ඇතැයි ද ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා එල්ල කළා.
ඔවුන් චෝදනා කර සිටියේ කොන්ත්‍රාත්කරු විසින් මාර්ගයට අවශ්‍ය ගල්කියුබ් හැට පහකට වැඩි ප්‍රමාණය වෙනුවට ගල්කියුබ් 45 ක් පමණක් ගෙනවිත් මාර්ගය සකස් කිරීමට උත්සාහ කරන බවටයි.
මාර්ගයට ගල් ගෙනෙන ප්‍රමාණය ප්‍රදේශවාසීන් මුල සිට ගණනය කර තිබීම මෙයට හේතුවයි.
ඒ අනුව හොරණ ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරිනිය විසින් එම ගල් ප්‍රමාණය මැන බැලූ අතර එහි ගල් කියූබ් හතළිස් හයක් පැමිණ ඇති බව එම පරීක්ෂණයේදී තහවුරුවුණා.
එහිදී කොන්ත්‍රාත්කරු සඳහන් කර සිටියේ ගල් බෑම සඳහා ස්ථානයක් නොමැතිකමින් එය ගෙන ඒමට නොහැකි වී ඇති බවයි.
මෙහිදී ජනතාවගෙන් කොන්ත්‍රාත්කරුට දැඩි චෝදනා එල්ල වූ අතර මාර්ගයේ කානු පද්ධති සැකසීම සම්බන්ධයෙන්ද ගැටලු මතු කළා.
පසුව මාර්ගයේ කානු පද්ධතිය සකස් නොකර මාර්ගයේ ඉදිකිරීමට ප්‍රදේශවාසීන් එරෙහි වීම හේතුවෙන් මොරගහේන පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළා.