උත්සව සමයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පිරිස් සොයන්න පොලිසියෙන් වැඩපිළිවෙලක් (VIDEO)

උත්සව සමයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පිරිස් සොයන්න පොලිසියෙන් වැඩපිළිවෙලක් (VIDEO)

මාරක අනතුරු වලින් දිනකට පුද්ගලයින් 8 දෙනෙකු මිය යන බවත් උත්සව සමයේ එම සංඛ්‍යාව ඉහළ යන බවත් රථ වාහන මූලස්ථානයේ අධ්‍යාපන මහජන ආරක්ෂාව භාර ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සේනක ගමගේ මහතා පවසනවා.

එළඹෙන නත්තල් සමය සහ නව වසර උදාව සමරන උත්සව කාලසීමාව තුළ අනතුරු වළක්වා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පොලීසිය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම විශේෂ උපකරණයක් භාවිත කර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පිරිස් සොයා පරික්ෂා කිරීම් සිදු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

එම මාධ්‍ය හමුවට එක් වෙමින් කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ රේණුකා මහානාම මහත්මිය පැවසුවේ අනතුරක් සිදු වු අවස්ථාවක පැයක් වැනි කාලයක් තුළ රෝගියා රෝහල්ගත කළ හැකි නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.

Share This