උතුරු ඇමරිකාවට බලපෑ ශීත කුණාටුවෙන් මිය ගිය ගණන ඉහළට

උතුරු ඇමරිකාවට බලපෑ ශීත කුණාටුවෙන් මිය ගිය ගණන ඉහළට

එක්සත් ජනපදයේ ශීත කුණාටුවෙන් ඇතිවූ මරණ සංඛ්‍යාව තවත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

බෆලෝ නගරය ඇතුළත් Erie ප්‍රාන්තයේ අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මියගිය අයගෙන් තිදෙනෙකු හඳුනා ගැනීමට බලධාරීන් උත්සාහ කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

පසුගිය සති අන්තයේ එක්සත් ජනපදය පුරා හමා ගිය කුණාටුවෙන් ප්‍රාන්ත අටක අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් තිබෙනවා

Erie ප්‍රාන්තයේ නිවාස 1,000 කට වඩා අඩු ප්‍රමාණයකට විදුලිය නොමැති අතර, නිවැසියන්ගෙන් 95% කට විදුලිය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

වොෂින්ටන් සහ ඔරිගන්හි 70,000 කට වැඩි පිරිසක් විදුලිය නොමැතිව සිටින බවද වාර්තා වනවා

Share This