උතුරු ඉතියෝපියාවේත් යුද අපරාධවලට සම්බන්ධ පාර්ශ්වයන් රැසක් – එක්සත් ජනපද රාජ්‍ය ලේකම්

උතුරු ඉතියෝපියාවේත් යුද අපරාධවලට සම්බන්ධ පාර්ශ්වයන් රැසක් – එක්සත් ජනපද රාජ්‍ය ලේකම්

උතුරු ඉතියෝපියාවේ යුද්ධයේ යෙදී සිටින සියලුම පාර්ශ්වයන් යුද අපරාධ සිදු කර ඇති බව තමන් තීරණය කර ඇතැයි එක්සත් ජනපදය පවසනවා.

පසුගිය සතියේ ඉතියෝපියාවට ගොස් ඉතියෝපියානු රජයේ නිලධාරීන් හමුවූ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සඳහන් කර තිබෙන්නේ තම දෙපාර්තමේන්තුව අපරාධ තීරණය කිරීමට පෙර නීති සහ කරුණු හොඳින් සමාලෝචනය කර ඇති බවයි.

ඉතියෝපියානු ජාතික ආරක්ෂක බලකාය, එරිත්‍රියානු ආරක්ෂක බලකාය, ටයිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ (TPLF) සහ අම්හාරා හමුදා සාමාජිකයින් යුද අපරාධ සිදු කළ බවටයි ඔහු වැඩිදුරටත් චෝදනා කරන්නේ.

මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සහ හිංසා කිරීම් ඇතුළු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු ඉතියෝපියානු සහ එරිත්‍රියානු ආරක්ෂක හමුදාවන්ට මෙන්ම අම්හාරා හමුදාවන්ට දොස් පවරා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් කළ චෝදනාවලට කිසිදු පාර්ශ්වයක් පිළිතුරු දක්වා නැති බවද පැවසෙනවා

Share This