උතුරු ඉන්දියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවයි

උතුරු ඉන්දියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවයි

උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සතියේ ඉන්දියාවේ නගර 37 කට වැඩි ප්‍රමාණයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ට වඩා වාර්තා වූ බව සඳහන්.

අඟහරුවාදා, දිල්ලි අගනුවර නරේලා සහ මුංගේෂ්පූර් ප්‍රදේශවල උෂ්ණත්වය වාර්තාගත ලෙස 49.9C දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වායු සමීකරණයක් නොමැතිව වැඩ කිරීමට නොහැකි තරම් උණුසුම් බව විනිසුරුවරයා පැවසීමෙන් පසු දිල්ලි හි පාරිභෝගික අධිකරණයක් අඟහරුවාදා නඩු විභාග කිරීමද නතර කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම රාජස්ථානයේ ජායිපූර් නගරයේ පවතින අධික රස්නය හේතුවෙන් මරණ තුනක් වාර්තා වී තිබෙනවා.

එළඹෙන ජුනි මාසයේදී, උපරිම උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ (IMD) ප්‍රධානී Mrutyunjay Mohapatra ප්‍රකාශ කර තිබෙනවා.

Share This