උතුරු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වර්ෂාවෙන් 19ක් මරුට

උතුරු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වර්ෂාවෙන් 19ක් මරුට

උතුරු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට පවතින ධාරාණිපාත වර්ෂාව නිසා පසුගිය දින තුන තුළ අවම වශයෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළදී ද Himachal ප්‍රදේශයට, උත්තරාකාන්ද්, පන්ජාබ්, හර්යානා , ජම්මු, කාශ්මීර් , රාජස්ථාන්, දිල්ලි සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට වැසි වැඩි වනු ඇතැයි එරට කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබෙනවා

හිමාචල් ප්‍රදේශයට ඇද හැලෙන නොනවතින වර්ෂාවෙන් ඇති වූ නායයෑම් සහ හදිසි ගංවතුර හේතුවෙන් නිවාස රැසකට හානි සිදුවූ අතර සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ

අසල්වැසි උත්තරකාන්ද් ප්‍රාන්තයේ ද නායයෑම් සහ හදිසි ගංවතුර තත්ත්වයන් වාර්තා වී ඇති අතර ගංගා සහ ඇළ දොළවල ජල මට්ටම අවදානම් සීමාව ඉක්මවා යන බවටද වාර්තා වනවා

අධික වර්ෂාවත් සමග ගුර්ගෝන් සහ දිල්ලියේ සියලුම පාසල් අද(10) වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Share This