උතුරු කොරියානු නායකයා රුසියාවෙන් පිටව යයි – රුසියාවෙන් වෙඩි නොවදින කබායක් සහ ඩ්‍රෝන යානා ලබා දෙයි

උතුරු කොරියානු නායකයා රුසියාවෙන් පිටව යයි – රුසියාවෙන් වෙඩි නොවදින කබායක් සහ ඩ්‍රෝන යානා ලබා දෙයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රුසියාවෙන් පිටව යන විට රුසියාවෙන් ඔහුට වෙඩි නොවදින කබායක් සහ ඩ්‍රෝන යානා තෑගි ලෙස ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මොස්කව් සහ Pyongyang අතර හමුදා සහයෝගීතාවය පිළිබඳව මෙම රුසියානු සංචාරයේදී දෙරටේ නායකයින් සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ආධාර කිරීම සඳහා රුසියාවට ආයුධ සැපයීමේ හැකියාව මතු කරමින් උතුරු කොරියානු නායක කිම් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා

උතුරු කොරියානු නායකයා ඊයේ (17) නැගෙනහිර ව්ලැඩිවොස්ටොක් නගරයෙන් පිටත්ව ගොස් තිබෙනවා

රුසියාවේ රැඳී සිටි කාලය තුළදී යුද ගුවන් යානා පරීක්ෂා කිරීම, ගුවන් තොටුපළක සංචාරය කිරීම මෙන්ම පැසිෆික් නාවික යාත්‍රාවක් නැරඹීමට ද උතුරු කොරියානු නායකයා එක්වූ බවයි වාර්තා වන්නේ

සමුගැනීමේ උත්සවයකින් පසු ඔහුගේ සන්නද්ධ පෞද්ගලික දුම්රියෙන් Pyongyang වෙත ආපසු ගිය බව රුසියානු සහ උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය සඳහන් කරනවා

උතුරු කොරියාවට දැඩි ලෙස සම්බාධක ඇති බැවින් බලශක්තියේ සිට ආහාර දක්වා මිලිටරි තාක්‍ෂණය දක්වා සෑම දෙයක්ම අවශ්‍ය වන බවද සඳහන්

Share This