උතුරු කොරියාව ජපානයට ඉහළින් යැවූ මිසයිලයට ප්‍රතිචාර දැක්වූ රටවල්

උතුරු කොරියාව ජපානයට ඉහළින් යැවූ මිසයිලයට ප්‍රතිචාර දැක්වූ රටවල්

උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් දියත් කිරීමට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සහ එක්සත් ජනපද හමුදාව විසින් මුහුදට මිසයිල විශාල ප්‍රමාණයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මිසයිල ප්‍රහාර එල්ල කර ඇත්තේ කොරියානු අර්ධද්වීපය සහ ජපානය අතර නැගෙනහිර මුහුදට බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලස්ටික් මිසයිලයක් යවා තිබුණේ ඊයේ (04) දිනයේදීයි

ඊට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය, ජපානය සහ දකුණු කොරියාව ඔවුන්ගේ බලය ප්‍රදර්ශනය කරමින් යුද අභ්‍යාස පවත්වමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This