උතුරු කොරියාව න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනයක් එළි දක්වයි

උතුරු කොරියාව න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනයක් එළි දක්වයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි නව සබ්මැරීනයක් එළි දක්වා තිබෙනවා.

එරට රාජ්‍ය මාධ්‍ය වාර්තාවක් පැවසුවේ සබ්මැරීනය රටේ න්‍යෂ්ටික ශක්තිය ඉහළ දැමීම මේ තුළින් නිරූපණය වන බවයි.

ඒ අනුව න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනයක් දිගු කලක් තිස්සේ උතුරු කොරියාව නිපදවීමට අවශ්‍ය ආයුධ ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානයේ පැවති බව සඳහන්

උතුරු කොරියානු නායකයා වසර ගණනාවක් පුරා මෙම සබ්මැරීනය සංවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින අතර එය ඔහුගේ න්‍යෂ්ටික අවි වැඩසටහනේ තීරණාත්මක කොටසක් ලෙස සැලකෙනවා

Share This