උතුරු කොරියාව බරපතල ආහාර අර්බුදයක

උතුරු කොරියාව බරපතල ආහාර අර්බුදයක

උතුරු කොරියාව බරපතල ආහාර අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව විශේෂඥයින් පවසනවා.

ආහාර අර්බුදය උතුරු කොරියාවට ආගන්තුක නොවූවත් දේශසීමා සටන්, අයහපත් කාලගුණය සහ එරටට පනවා ඇති සම්බාධක නිසා පසුගිය වසරවල තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබෙනවා.

කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ මුලික වෙනසක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා උතුරු කොරියානු ඉහළ නිලධාරීන් පෙබරවාරි මස අවසානයේදී රැස්වීමට අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දකුණු කොරියානු එක්සත් කිරීමේ අමාත්‍යංශයද උතුරු කොරියාවේ ආහාර අර්බුදය පිළිබඳව අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

මේ වනවිටත් ලෝක ආහාර වැඩසටහනෙන් උපකාර ඉල්ලා ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ 2021ට වඩා 2022 දී උතුරු කොරියාව ටොන් 180,000ක් අඩුවෙන් ආහාර නිෂ්පාදනය කරඇති බවයි.

උතුරු කොරියාව එරට ”දෙවන දරුණුතම” නියඟයට මුහුණ දෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

Share This