උතුරු කොරියාව සමග හමුදා සහයෝගීතාවයේ හැකියාව පවතිනවා – රුසියානු ජනපති

උතුරු කොරියාව සමග හමුදා සහයෝගීතාවයේ හැකියාව පවතිනවා – රුසියානු ජනපති

උතුරු කොරියාව සමග හමුදා සහයෝගීතාවයේ හැකියාව පවතින බව ව්ලැඩිමීර් පුටින් පවසා තිබෙනවා

උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර තිබූ සාකච්ඡාවේදී මෙය පැවසූ බවයි වාර්තා වන්නේ

කෙසේවෙතත් අවි ආයුධ ගනුදෙනුවක් පිළිබඳ ඉඟි ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Vostochny අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී නායකයින් දෙදෙනා හමුවූ අතර Pyongyang හි චන්ද්‍රිකා සංවර්ධනය කිරීමට උදව් කරන බවද පුටින් එහිදී සඳහන් කර තිබෙනවා

කෙසේවෙතත් යුක්‍රේනයට එරෙහි යුද්ධය සඳහා මොස්කව් විසින් උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමට උත්සාහ කරන බව එක්සත් ජනපදය පවසනවා

Pyongyang හි චන්ද්‍රිකා වැඩසටහනට මොස්කව් දෙන ඕනෑම උදව්වක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා උල්ලංඝනය කිරීමක් බවට ද
එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා

Share This