උතුරු කොරියාවට එරෙහිව ප්‍රබල රටවල් 3ක් මිසයිල ආරක්ෂක අභ්‍යාසයක

උතුරු කොරියාවට එරෙහිව ප්‍රබල රටවල් 3ක් මිසයිල ආරක්ෂක අභ්‍යාසයක

අමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය ත්‍රෛපාර්ශ්වික මිසයිල ආරක්ෂක අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

ජපාන මුහුදේ දී එම ඒකාබද්ධ මිසයිල ආරක්ෂක අභ්‍යාසය සිදු කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

උතුරු කොරියාව විසින් සිදු කරන ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට එරෙහිව අමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමේ අරමුණින් එම මිසයිල ආරක්ෂක අභ්‍යාසය ආරම්භ කර ඇති බව සඳහන්.

එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය අවසන් වරට ඒකාබද්ධ මිසයිල ආරක්ෂණ අභ්‍යාස සඳහා සහභාගී වූයේ පෙබරවාරි මාසයේදීයි.

Share This