උතුරු කොරියාවෙන් දෙන ආයුධවලට රුසියාවෙන් ආහාර

උතුරු කොරියාවෙන් දෙන ආයුධවලට රුසියාවෙන් ආහාර

උතුරු කොරියාවෙන් ලබාදෙන ආයුධ වෙනුවට ආහාර පිරිනැමීම සඳහා රුසියාව උතුරු කොරියාවට නියෝජිත පිරිසක් යවන බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කරනවා.

ලෝකයේ වඩාත්ම ඒකාධිපති පාලනයක් ඇති රටවන උතුරු කොරියාව නිෂ්පාදනයේ සැලකිය යුතු පහත වැටීමක් හේතුවෙන් තීරණාත්මක ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බව පසුගිය පෙබරවාරි මාසයේදී විශේෂඥයින් අනතුරු ඇඟවූවා.

අයහපත් කාලගුණය, දැඩි දේශසීමා පාලනයන් සහ ජාත්‍යන්තර සම්බාධකවල බලපෑම හේතුවෙන් මෙය වඩාත් නරක අතට හැරුණු බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

Share This