උතුරු නයිජීරියාවේ තුවක්කුකරුවන් විසින් පැහැරගත් ගැහැණු ළමයින් 5ක් නිදහස් කෙරේ

උතුරු නයිජීරියාවේ තුවක්කුකරුවන් විසින් පැහැරගත් ගැහැණු ළමයින් 5ක් නිදහස් කෙරේ

උතුරු නයිජීරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේදී තුවක්කුකරුවන් විසින් ජූනි මාසයේදී පැහැරගෙන ගිය සහෝදරියන් පස් දෙනෙකු නිදහස් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

දැරියන් නිදහස් වීමෙන් පසු ඔවුන්ගේ මව වන හජියා හදීසා බීබීසී පුවත් සේවයට පවසා තිබෙන්නේ තම දියණියන් ආපසු නිවසට පැමිණීම ගැන තමන් අතිශයින් සතුටට පත්වන බවයි.

වැඩිදුරටත් ඇය සඳහන් කර තිබෙන්නේ දියණියන් නැවත දැකීමේ බලාපොරොත්තුව කවදාවත් නැති කර නොගත් බවයි .

මේ වනවිට ඔවුන් සියල්ලන්ම පීඩාවට පත්ව සිටින බවත්, සමහරුන්ගේ සිරුරේ කුෂ්ඨ ඇති බවත් ඇය පවසා තිබෙනවා

මාස පහකට පෙර ෆුර්ෆුරි නගරයේ පිහිටි නිවසට තුවක්කුකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී මෙම ගැහැණු ළමයින් , ඔවුන්ගේ මව්වරුන් සහ සහෝදරයන් දෙදෙනෙකු සමග පැහැරගෙන ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මව්වරුන් දෙදෙනාට වේගයෙන් ඇවිදීමට නොහැකි වූ නිසා ඔවුන්ව පැහැරගත් අය විසින් අතහැර දමා තිබෙනවා

පසුව සාකච්ඡා කිරීමෙන් පසු පිරිමි ළමයින් දෙදෙනා නිදහස් කර ඇති අතර සහෝදරියන් පස් දෙනා රඳවා තබා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ගැහැණු ළමයින් නිදහස් කිරීමෙන් පසු නිසි වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමට Zamfara ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා නියෝග කොට තිබෙනවා

 

Share This