උතුරු මැද පළාතේ පළාත් පාලන ආයතනවල සේවය කරන 493 කට ස්ථිර පත්වීම්
උතුරු මැද පළාතේ පළාත් පාලන ආයතනවල අනියම් , ආදේශක , කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සේවය කරන 493 ක් සඳහා ස්ථිර පත්විම් ප්රදානය කිරිම සිදුකර තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙරට ආර්ථිකයේ පැවැති සෘණ සලකුණ වෙනුවට ධනාත්මක අගයකට ආර්ථිකය රැගෙන ඒමට හැකිවූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බුද්ධිමත් නායකත්වය හේතුවෙන් බවයි.
රැකියාවේ වගකීම හා යුතුකම් ඉටුකරන පිරිසක් ලෙස කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බැවින් එලෙස කටයුතු කරන ලෙස ද ස්ථිර පත්වීම් ලැබූ මෙම පිරිස අමතමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.