උතුරුමැද  පෙරහුරු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට කුණු හරුප ආ හැටි

උතුරුමැද පෙරහුරු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට කුණු හරුප ආ හැටි

උතුරුමැද අධ්‍යාපන කලාපයේ පෙරහුරු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය තුළ අසභ්‍ය වචන මුද්‍රණය වී තිබීම හේතුවෙන් ගැටලුවක් පැනනැගී තිබෙනවා.

උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශ කළේ එය නිවැරදි කිරීමට කටයුතු කළ බවත්, මේ සම්බන්ධයෙන් කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

පසුගියදා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලැබූ 5 වසර ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේ අනුරාධපුර අධ්‍යාපන කලාපය තුළ පාසල් දරුවන්ට ලබාදුන් ප්‍රශ්න පත්‍රවල අසභ්‍ය වචන මුද්‍රණය වී තිබීම හේතුවෙන් ගැටලුවක් පැන නැඟුණා.

මෙම ප්‍රශ්න පත්‍රය එම අධ්‍යාපන කලාපයේ පාසල් 110ක පමණ දරුවන් 2000කට පමණ ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරුව මෙම ගැටලුව නිවැරදි කිරීමට එම කලාපයේ අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබුණා.

Share This