උනාකුරුවේ ද්විත්ව ඝාතකයිගේ බවට සැක හෙල්මට් සහ ඇඳුම්  දික්වැල්ල, බතීගම දී සොයා ගනී

උනාකුරුවේ ද්විත්ව ඝාතකයිගේ බවට සැක හෙල්මට් සහ ඇඳුම් දික්වැල්ල, බතීගම දී සොයා ගනී

තංගල්ල උණාකුරුව ප්‍රදේශයේ .ද්විත්ව ඝාතනයේ සැකකරුවන් දික්වැල්ල බතීගම ප්‍රදේශයේ දමාගොස්තිබු හෙල්මට් 2 ක් ජැකට් 1 ක් ඩෙක්ෂුස් 1 ක් මේස් ජෝඩුවක් පිරිමි ඩෙනිම් කලිසමක් සහ අත්දිග ෂ‍ර්ට් එකක් දික්වැල්ල පොලීසිය සොයාගෙන තිබෙනවා.

තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උණාකුරුව ග්‍රාම නිලධාරී වසමෙහි උණාකුරුව ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී 7.00 ට පමණ වෙළඳසැලක් තුලදී අඹුසැමි යුවලක් ඝාතනයට ලක් වුණා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනකු මෙම අඹු සැමි යුවල ඝාතනයට යොදාගෙන තිබුණේ මි.මී. 9 වර්ගයේ ගිනි අවියක්.

මෙලෙස ඝාතනයට ලක් වූ යුවල දැනට විදේශතව සිටින පාතාල කල්ලි සාමාජිකයකු වන විමල් ශාන්ත හෙවත් උණාකූරුවේ ශාන්ත යන පුද්ගලයාගේ මවගේ බාල සහෝදරයා සහ ඔහුගේ බිරිඳ බවට අනාවරණය වී තිබෙනවා.

වෙඩිතැබීමෙන් ඝාතනය වී ඇත්තේ 68 හැවිරිදි ජේ.එච්. විජිතදාස සහ 59 හැවිරිදි පුෂ්පා නමැති අඹු සැමි යුවලක්.

අප වාර්තාකරු පැවසුවේ මෙම වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය වෙඩි තැබීම සිදු වූ ස්ථානයට කි.මී.02 ක පමණ දුරින් අතහැර දමා ගොස් තිබියදී අද පෙරවරුවේ සොයාගත් බවයි.

– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.

 

 

Share This