උපස්ථායකයින් 1000 කට උසස්වීම් සහ සෞඛ්‍ය කාර්ය සහායකයින් 2000 ක් අළුතින් බඳවා ගැනීමට රජ‍ය සූදානම්

උපස්ථායකයින් 1000 කට උසස්වීම් සහ සෞඛ්‍ය කාර්ය සහායකයින් 2000 ක් අළුතින් බඳවා ගැනීමට රජ‍ය සූදානම්

මෙරට සෞඛ්‍ය සේවාව තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟයක් පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු පැවසුවේ මෙරට හෙද සේවාවේ දැනට 43, 000 ක් වන බවයි.

ජනතාව ඉල්ලන සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට 60,000 ක හෙද හෙදි පිරිසක් අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය සදහන් කළා.

ඒ සදහා යම් කාලයක් ගත වන බවත්, ඉදිරියේ දී උපස්ථායකයින් 1000 කට උසස්වීම් ලබාදිමට සහ සෞඛ්‍ය කාර්ය සහායකයින් 2000 ක් අළුතින් බඳවා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ කතරගම ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරි මේ අවස්ථාවට එක්වෙමින්.

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයකට අනුව රුපියල් මිලියන 33 ක වියදමකින් නවීන පහසුකම්වලින් යුත් නව වාට්ටු සංකීර්ණයක් ඉදිකර ඊයේ ජනතා අයිතියට පත් කළා. මෙම වාට්ටු සංකීර්ණය සූතිකාගාරයක් සහ සාමාන්‍ය ඇඳන් 47 කින් සමන්විතයි. නවීන වැසිකිළි පද්ධතියක්, ප්‍රසූතාගාරයක් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා කාමර පද්ධතියකින් ද මෙම වාට්ටු සංකීර්ණය යුක්තයි.

Share This