උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් බේරාගැනීමේ කටයුතු ප්‍රමාද වෙයි

උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් බේරාගැනීමේ කටයුතු ප්‍රමාද වෙයි

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් 41දෙනා බේරාගැනීමේ කටයුතු යළිත් ප්‍රමාද වී තිබෙනවා

ඒ විදුම් යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙනුයි .

එක්සත් ජනපදයේ නිෂ්පාදිත මෙම යන්ත්‍රය කම්කරුවන් මුදවා ගැනීමට මාර්ගයක් නිර්මාණය කිරීමට භාවිතා කරනු ලැබුවා

යන්ත්‍රය අළුත්වැඩියා කරමින් පවතින අතර අද (24) කැණීම් කටයුතු නැවත ආරම්භ කිරීමට ඉඩ ඇති බවයි නිලධාරීහු පවසන්නේ .

නායයෑමක් හේතුවෙන් උමං මාර්ගයේ කොටසක් කඩා වැටීමෙන් පසු දින 12ක් එම උමග තුළ සේවකයන් සිරවී සිටිනවා .

නොවැම්බර් 12 වන දින උමං මාර්ගයේ සිරවූ මිනිසුන් සමග සම්බන්ධතා ඇති කර ගත් අතර එතැන් සිට ඔවුන්ට ඔක්සිජන්, ආහාර සහ ජලය ලබා දෙනු ලැබුවා

හෙට නැවත මෙහෙයුම් ආරම්භ කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This