උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත්

උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත්

නවදිල්ලියේ උත්තරාකන්ද් හි කඩා වැටුණු උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් ගලවාගැනීමේ මෙහෙයුම් 17 වන දිනට එළඹ තිබෙනවා

උමගෙහි සුන්බුන් අතර සිරවී සිටින කම්කරුවන් 41 දෙනා වෙත ළඟා වීමට මෙහෙයුම් කණ්ඩායමක් විසින් අතින් විදුම් කිරීම ආරම්භ කර ඇති බව සඳහන්

සිල්ක්‍යාරා ගලවා ගැනීමේ මෙහෙයුමේ ප්‍රධාන නිලධාරී සහ උත්තරකාන්ද් රජයේ ලේකම්වරයා දන්වා සිටියේ තවත් බාධක නොමැති නම්, සිරවී සිටින කම්කරුවන් ඉක්මනින් ඉවත් කිරීමට ගලවා ගන්නන් අපේක්ෂා කරන බවයි.

කම්කරුවන් බේරා ගැනීමෙන් පසු ඔවුන් සඳහා ඇඳන් 41 කින් යුත් විශේෂ වාට්ටුවක් පිහිටුවා ඇති උත්තර්කාෂි හි රෝහලකට ගෙන යන බව ද නිලධාරීන් පවසා තිබෙනවා

ඉදිවෙමින් පවතින උමං මාර්ගය, බද්‍රිනාත්, කේදර්නාත්, ගංගෝත්‍රි සහ යමූනෝත්‍රි යන හින්දු වන්දනා ස්ථාන වෙත සම්බන්ධතාව වැඩිදියුණු කිරීමේ ජාතික යටිතල පහසුකම් වැඩසටහනක් වන අභිලාෂකාමී චාර් දම් ව්‍යාපෘතියේ කොටසක් බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .

 

Share This