උමං මාර්ගයේ පසුගිය සතියේ සිට සිරවී සිටින 41දෙනාගේ චිත්ත ධෛර්යය පවත්වා ගැනීම අවශ්‍යයි

උමං මාර්ගයේ පසුගිය සතියේ සිට සිරවී සිටින 41දෙනාගේ චිත්ත ධෛර්යය පවත්වා ගැනීම අවශ්‍යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උත්තර්කාන්ද් ප්‍රධාන අමාත්‍ය පුෂ්කාර් සිං ධාමි සමග දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා

ඒ උත්තර්කාෂි හිදී කඩා වැටුණු සිල්ක්‍යාරා උමං මාර්ගයේ පසුගිය සතියේ සිට සිරවී සිටින කම්කරුවන් 41 දෙනා බේරා ගැනීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කිරීමටයි

එහිදී අගමැති මෝදි පවසා ඇත්තේ මධ්‍යම රජය අවශ්‍ය ගලවා ගැනීමේ උපකරණ සහ සම්පත් සපයන බවත් මධ්‍යම සහ උත්තරාකන්ඩ් රජය අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණයෙන් කම්කරුවන් ආරක්ෂිතව ඉවත් කරන බවත්ය.

සිරවී සිටින සේවකයින්ගේ චිත්ත ධෛර්යය පවත්වා ගැනීමට අවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා

නොවැම්බර් 12 වැනි දින අලුයම කඩා වැටුණු බ්‍රහ්මකාල්-යමූනෝත්‍රි ජාතික අධිවේගී මාර්ගයේ සිල්ක්‍යාරා උමං මාර්ගයට අද (20) අලුයම් කාලයේත් බර යන්ත්‍ර පැමිණෙනු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය පවසනවා .

ජාතික මහාමාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධන සංස්ථාව (NHIDCL) මේ වන විට ආහාර සැපයීම සඳහා අඟල් 6 ක නල මාර්ගයක් සකස් කරමින් සිටින අතර, මීටර් 60 ඉලක්කයෙන් මීටර් 39 ක දුර ප්‍රමාණයක් කැණීම අවසන් කර ඇති බවද සඳහන් .

Share This