උසස් පෙළ දරුවන්ට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ දරුවන්ට විශේෂ දැනුම් දීමක්

අද (7දා) දින සිට උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ලැබෙන කෙටි විවේකයේදී එකට එක්රැස්වී ආහාර ගැනීමෙන් වළකින්නැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය සේවා විශේෂඥ වෛද්‍ය  ජී. විජේසූරිය මහතා උසස් පෙළ විභාගයට මුහුණදෙන සිසු සිසුවියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

විභාගයට පෙනී සිටින අවස්ථාවේ සිසුන් නිසි ලෙස මාස්ක් පැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවද ඔහු සඳහන් කරනවා.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ

” ඔමික්‍රෝන්  ඉතා  ශීඝ්‍රයෙන්  පැතිරෙමින්  තිබෙන  නිසා  අද  සිට  උසස්  පෙළ  විභාගයට  පෙනී  සිටින  දරුවන්  සෞඛ්‍යාරක්‍ෂාව  ගැන  සිතීම  ඉතා  වැදගත් බවයි”.

එමෙන්ම ඔහු පවසා සිටින්නේ ‘අද  විභාගයට  ආවට පස්සේ දුරස්ථභාවය තබාගෙන කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

විභාගය  අතරතුර  ලැබෙන  විවේකයේදී  කට්ටිය  එකට  වටවෙලා  කෑම  කන්න  එපා.

තනි  තනියෙන්  කෑම කන්න.

කට්ටිය වටවෙලා විභාග ප්‍රශ්න පත්තරේ ගැන සාකච්ඡා කරන්න යන්න එපා.

විභාගය ලියන්න ඉන්න දරුවකුට කොවිඩ් ආසාදනය වෙලා නම්  ඔහුට  රෝහල්  තුළ  ස්ථාපිත  විභාග  මධ්‍යස්ථානවලදී  ලියන්න අවස්ථාව සලසා තිබෙනවා.විභාගය ඉවරවුණු ගමන් යාළුවෝ එක්රැස්වෙලා කතාබස් නොකර වහාම ගෙදර යන්න” යනුවෙන්

Share This