උස්බෙකිස්ථාන අගනුවර දැවැන්ත පිපිරීමක්

උස්බෙකිස්ථාන අගනුවර දැවැන්ත පිපිරීමක්

උස්බෙකිස්ථානයේ Tashkent අගනුවර ගබඩාවක අද(28) අලුයම දැවැන්ත පිපිරීමක් හා විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

එම විශාල ගින්න හා දුමාරය රාත්‍රී අහසට නැගී යන ආකාරය පෙන්නුම් කරන වීඩියෝ කිහිපයක්ද මේ වනවිට සමාජ මාධ්‍ය පුරා සංසරණය වනවා.

Tashkent ගුවන් තොටුපළට ආසන්න ගබඩාවක මෙම පිපිරීම සිදුව තිබෙනවා.

මිලියන 3 කට ආසන්න පදිංචිකරුවන් සිටින Tashkent අගනුවර මධ්‍යම ආසියාවේ පැරණි සෝවියට් ප්‍රාන්තයේ විශාලතම නගරය වන අතර සිද්ධිය සම්බන්ධයෙන් තවමත් විමර්ශන ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This