
එ.ජා.ප. පක්ෂ ප්‍රතිසංස්කරණ සාකච්ඡාවට පැමිණි හිටපු ස.ජ.බ. මන්ත්‍රී මාන්නප්පෙරුම මාධ්‍ය මගහැර යයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එජාප ක්‍රියාකාරිකයින්ගේ සහභාගිත්වයෙන් නිට්ටඹුව ප්‍රදේශයේදී අද(17) රැස්වීමක් පැවැත්වුණා.
එම රැස්වීම මාධ්‍යාවරණය කිරීමට අවසර ලබා නොදුන් අතර රැස්වීම අවසානයේ පිටතටට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා මාධ්‍යයට අදහස් පළ නොකර ඉන් පිටව ගියා.
එක්සත් ජාතික පක්ෂයේ අත්තනගල ආසනසන සංවිධායිකා හා වරාය ජාතික සේවක සංගමයේ සභාපති තුෂාරි ප්‍රියංගා මහත්මිය පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් මත සියලුම කොට්ඨාශවල ප්‍රතිසංස්කරණ කටයුතු අගෝස්තු 30 වන විට අවසන් කිරීමට අවශ්‍ය උපදෙස් දුන් බවටයි.
රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු දෙකේදී අමාරුවෙන් ගත්ත සල්ලි වියදම් කරන එක තමයි දැන් පේන තියෙන්නේ.
අපි බලන්නේ අපේ පක්ෂය ගොඩනගන්න. .
තියෙන දේවල් වියදම් කරගෙන යන ආණ්ඩුවකට කොච්චර දුර යන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ.