එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙනුත් Monkeypox රෝගීන් වාර්තා වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙනුත් Monkeypox රෝගීන් වාර්තා වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් Monkeypox ආසාදිත රෝගියෙකු පළමුවරට වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

එරට සෞඛ්‍ය නිලධාරීන් නිවේදනය කර තිබෙන්නේ මෑතකදී බටහිර අප්‍රිකාවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින සංචාරකයෙකු තුළ Monkeypox වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇති බවයි

එමෙන්ම චෙක් ජනරජයෙන් සහ ස්ලෝවේනියාවෙන්ද Monkeypox ආසාදිත පළමු රෝගීන් වාර්තා වී තිබෙනවා

ආසාදිත සංඛ්‍යාව තව දුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන නමුත් විශේෂඥයින් පවසන්නේ සාමාන්‍ය ජනතාවට ඇති සමස්ත අවදානම අඩු මට්ටමක පවතින බවයි.

මේ වනවිට යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව යන රටවල වෛරසය පැතිරීම සොයාගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This