එක්සත් ජනපද-කැනඩා දේශසීමා පාලමක් මත සිදුවූ අනතුරකින් දෙදෙනෙක් මරුට (VIDEO)

එක්සත් ජනපද-කැනඩා දේශසීමා පාලමක් මත සිදුවූ අනතුරකින් දෙදෙනෙක් මරුට (VIDEO)

එක්සත් ජනපද-කැනඩා දේශසීමා පාලමක් මත වේගයෙන් පැමිණි මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් වාහනයේ සිටි දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා

එමෙන්ම එක්සත් ජනපද දේශසීමා නියෝජිතයෙකු තුවාල ලබා ඇති අතර නිව් යෝර්ක් ආණ්ඩුකාරවරයා මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට වූ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ .

මෝටර් රථය නිව්යෝර්ක් පැත්තේ සිට රේන්බෝ පාලම දක්වා ධාවනය වෙමින් තිබියදී මුරපොලකදී එය අනතුරට ලක්ව තිබෙනවා

නයගරා ඇල්ල අසල ඇති වූ මෙම සිදුවීමෙන් පසු ලොව දිගම ජාත්‍යන්තර මායිමේ පාලම් හතරක් වැසී ගොස් ඇති බව සඳහන්

ත්‍රස්තවාදී ක්‍රියාවක්බවට වූ ආරංචියත් සමගින් නිව්යෝර්ක් සහ කැනඩාව අතර දුම්රිය සේවා තාවකාලිකව නවතා ඇති අතර බෆලෝ සහ නයගරා දිය ඇල්ල ආසන්නයේ ගුවන් තොටුපලවල නිලධාරීන් දැඩි ලෙස මෝටර් රථ පරීක්ෂා කර තිබෙනවා

Share This