එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ ඇති පාවෙන බාධක ඉවත්කිරීමට නියෝගයක්

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ ඇති පාවෙන බාධක ඉවත්කිරීමට නියෝගයක්

මෙක්සිකෝවේ සිට එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් පැමිණීම නැවැත්වීම සඳහා රියෝ ග්‍රෑන්ඩ් ගඟේ ඉදිකර තිබූ පාවෙන බාධක ඉවත් කරන ලෙස ටෙක්සාස් වෙත එරට අධිකරණයක් විසින් නියෝග කර තිබෙනවා.

ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් මෙම පාවෙන බාධක ආරක්ෂාවට සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට තර්ජනයක් බවටයි තීන්දු කර තිබෙන්නේ

සැප්තැම්බර් 15 වන විට පාවෙන බාධක ගඟ මැදින් ඉවත් කර ගං ඉවුරට ගෙන යන ලෙස එම විනිසුරුවරයා ටෙක්සාස් රජයෙන් ඉල්ලා තිබෙනවා

මානුෂීය සහ පාරිසරික ගැටළු උපුටා දක්වමින් මෙම පාවෙන බාධක සම්බන්ධයෙන් ටෙක්සාස් වෙත මීට පෙර මෙක්සිකෝවෙන් නඩු පවරනු ලැබුවා

කෙසේවෙතත් ටෙක්සාස් බලධාරීන් පැවසුවේ මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

Rio Grande ගං ඉවුර දිගේ දේශසීමාව හරහා ගලා යන ජලයෙන් සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු මෙලෙස පාවෙන බාධක ඉදිකිරිම අමානුෂික බව මෙක්සිකෝවේ ජනාධිපතිවරයා සඳහන් කර තිබු බවද මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළා

Share This