එක්සත් ජනපදය යුක්‍රේනයට ඩොලර් මිලියන 250ක මිලිටරි ආධාර අනුමත කරයි

එක්සත් ජනපදය යුක්‍රේනයට ඩොලර් මිලියන 250ක මිලිටරි ආධාර අනුමත කරයි

ධවල මන්දිරය විසින් යුක්‍රේනයට ඩොලර් මිලියන 250 පමණ වටිනා තවත් එක්සත් ජනපද මිලිටරි ආධාර කොටසක් අනුමත කර තිබෙනවා

නවතම පැකේජයට ගුවන් ආරක්ෂක, කාලතුවක්කු සහ කුඩා අවි පතොරම් සහ ටැංකි නාශක අවි ඇතුළත් බවයි එක්සත් ජනපද නිලධාරීහු පවසන්නේ

නමුත් මෙම පැකේජය කොන්ග්‍රසයේ අනුමැතියකින් තොරව ලබා ගත හැකි අවසාන අරමුදල ලෙසට සනිටුහන් කළ අතර එහිදී සාකච්ඡාද ඇණහිට තිබූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .

තවදුරටත් බටහිර ආධාර නොලැබුණහොත් යුද ප්‍රයත්නය සහ එහි රාජ්‍ය මූල්‍ය අවදානමට ලක්වන බවටයි යුක්‍රේනය අනතුරු අඟවා ඇත්තේ .

යුක්‍රේන යුද ප්‍රයත්නයට එක්සත් ජනපද කොන්ග්‍රසය තුල පුලුල් සහයෝගයක් ඇතත්, රිපබ්ලිකානුවන් විසින් තවදුරටත් ආයුධ පිළිබඳ ගිවිසුමක් නවතා දමා තිබෙනවා

ඒ පිළිබඳව ඔවුන් පවසා ඇත්තේ එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ දැඩි ආරක්ෂක පියවර ඕනෑම මිලිටරි ආධාර ගණුදෙනුවක කොටසක් විය යුතු බවට අවධාරණය කරමිනුයි .

Share This