එක්සත් ජනපදයේ කුණාටු හේතුවෙන් තිදෙනෙකු මරුට – දහස් ගණනකට විදුලිය විසන්ධි වෙයි (VIDEO)

එක්සත් ජනපදයේ කුණාටු හේතුවෙන් තිදෙනෙකු මරුට – දහස් ගණනකට විදුලිය විසන්ධි වෙයි (VIDEO)

එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයට බල පෑ කුණාටුවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදුලිය ඇණහිටීම්, ගංවතුර සහ ගුවන් ගමන් ප්‍රමාදයන් රැසක් ඇතිව ඇති බවද සඳහන්

දකුණු කැරොලිනාවේ චාල්ස්ටන් නගරයට බලපෑ ගංවතුරෙන් කාන්තාවක් මිය ගොස් ඇති අතර, කුණාටුව කැනඩාව දෙසට ගමන් කිරීමත් සමග ඊසානදිග ප්‍රාන්තවලද මිනිසුන් දෙදෙනෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ

635,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එක්සත් ජනපදයට ගමන් කරන ගුවන් ගමන් 4,900කට වඩා ප්‍රමාද වී ඇති අතර අවලංගු කරන ලද ගුවන් ගමන් 500කට වඩා පවතින බවයි වාර්තා වන්නේ .

දරුණුතම බලපෑමට ලක්ව ඇත්තේ බොස්ටන් සහ නිව්යෝර්ක් ප්‍රදේශවල ගුවන් තොටුපළවල් බවද සඳහන්

Share This