එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයකටම හිම කුණාටුවලින් බලපෑම් -3ක් මරුට(VIDEO)

එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයකටම හිම කුණාටුවලින් බලපෑම් -3ක් මරුට(VIDEO)

එක්සත් ජනපදය හරහා නැගෙනහිර දෙසට ගමන් කළ ප්‍රබල ශීත කුණාටුවකින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මාර්ග සහ පාසල් වසා දමා ඇති අතර සමහර ප්‍රදේශවල අඩි 4ක (මීටර් 1.2) හිම පතනයක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එමෙන්ම ගුවන් ගමන් 3,300ක් පමණ ප්‍රමාද වී ඇති අතර තවත් 150කට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා

නෙබ්‍රස්කා, වයොමිං, දකුණු ඩැකෝටා සහ මිනසෝටා යන ප්‍රාන්ත හතරක පුද්ගලයන් 500,000ක් පමණ හිම කුණාටු අනතුරු ඇඟවීම් යටතේ සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ප්‍රබල සුළං සහ අධික හිම පතනය හේතුවෙන් ගමනාගමනය අපහසු වී ඇති අතර තවත් මිලියන ගණනක් අඩු ශීත කාලගුණ අනතුරු ඇඟවීම් මධ්‍යයේ ජිවත්වන බවයි සඳහන් වන්නේ

ලුසියානා, මිසිසිපි, ඇලබාමා සහ ෆ්ලොරිඩාවේ ප්‍රදේශ ඇතුළු ගල්ෆ් වෙරළ තීරයේ දරුණු කුණාටු ඇතිවිය හැකි බවටත් අනතුරු අඟවා ඇති අතර ලුසියානා සහ මිසිසිපි ප්‍රාන්තවල ටොනේඩෝ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

එරට KNOE ප්‍රාදේශීය ප්‍රවෘත්ති ආයතනයට අනුව, සැතපුම් 100ක (කිලෝමීටර් 160) පමණ දුරින් පිහිටි කුඩා නගරයක් වන ෆාමර්විල් හි ඇතිවූ ටොනේඩෝ තත්ත්වයකින් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා

පසුගිය දින දෙක තුළ ඇතිවී තිබෙන දරුණු කාලගුණය තත්ත්වය හේතුවෙන් ටෙක්සාස් හි ඩලස් ෆෝට් වර්ත් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සහ කොලරාඩෝ හි ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිය ගණනකට ගුවන් ගමන් බාධා ඇතිව තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This