එක්සත් ජනපදයේ පිහි ඇනුමකින් 6 හැවිරිදි දරුවෙකු මරුට – හමාස් සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් හේතුවෙන් ප්‍රහාරය එල්ල කර ඇති බවට සැකයක්

එක්සත් ජනපදයේ පිහි ඇනුමකින් 6 හැවිරිදි දරුවෙකු මරුට – හමාස් සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් හේතුවෙන් ප්‍රහාරය එල්ල කර ඇති බවට සැකයක්

එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ප්ලේන්ෆීල්ඩ් හි හය හැවිරිදි පිරිමි ළමයෙකු මරා දැමීම සහ 32 හැවිරිදි කාන්තාවකට තුවාල කිරීම සම්බන්ධයෙන් 71 හැවිරිදි Joseph Czuba නැමැත්තෙකුට චෝදනා එල්ල වී තිබෙනවා

හමාස් සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් හේතුවෙන් මොවුන් ඉලක්ක කර ඇති බවයි Will County Sheriff කාර්යාලය පවසන්නේ

Joseph Czuba මිනීමැරුම්, මිනීමැරීමට තැත් කිරීම සහ වෛරී අපරාධ යන චෝදනා එල්ල වී තිබෙනවා

පහරකෑමට ලක්වූ දෙදෙනාම රෝහලට ගෙන ගිය නමුත් පසුව පිරිමි ළමයා මිය ගොස් ඇති අතර දරුවාට පිහි පහර 26ක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව දිවි ගලවා ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

රහස් පරීක්ෂකයින් විසින් Joseph Czuba ප්‍රශ්න කිරීමට පෙර ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා

හමාස් සංවිධානයේ සහ ඊශ්‍රායලයේ දැනට පවතින මැදපෙරදිග ගැටුමත් මොවුන් දෙදෙනාම මුස්ලිම් ජාතිකයන්වීමත් සැකකරුගේ ඉලක්කය වීමට හේතු වී ඇති බව රහස් පරීක්ෂකයින් අනාවරණය කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This